”තව අවුරුදු 10කින් ඔක්සිජන් දන්සැලක් තමයි දෙන්න වෙන්නේ”- ඉරාජ්

0
271

සමාජය තුළ බොහෝ කතාබහට ලක්වන  චරිතයකවන ඉරාජ් වීරරත්න  පැළ දන්සැලක් ලබා දී තිබේ. ඒ කෙසේ වෙතත් මියුසික් වීඩියෝ කලාව තුළ දැවැන්ත පෙරළියක් සිදු කරමින් යන ඉරාජ් වීරරත්න ඔහුගේ නිර්මාණ  සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල දී විවෙචනයට ද ලක්වන චරියකි.

එහෙත් ඉරාජ් මෙවර වෙසක් පොහොයට සිදු කළ ක්‍රියාව සම්බන්ධයෙන් නම් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව තිබේ.

දන්සල් කිව්වාම එක එක ජාතියේ දන්සල් තියෙනවා. හැබැයි කවදත් වෙනස්ම අත්හදා බැලීම් කරන ඉරාජ් ඇතුළු ඉරාජ්ගේ කණ්ඩායම ලංකාවේ පළමුවෙනි වතාවට ”පැළ දන්සැලක් ” සමගින් අයිස්ක්‍රීම් සහ සව් දන්සැලකුත් ලබා දුන්නා.

මේ පැළ දන්සලේ  අඹ, ජම්බු, කොස්, රඹුටන් වගේ විවිධ පැළ වර්ග තිබුණු අතර මේ සඳහා ඉරාජ් නිෂ්පාදන කණ්ඩායම වගේම ප්‍රදේශවාසීන් රැසක්ද සහභාගී වුණා.

තමන් කරපු මේ සත් ක්‍රියාව සම්බන්ධයෙන් ඉරාජ් සිය  ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණා.

” අපි ඊලග අවුරුද්දේ මේ පැළ දන්සැල මීට වඩා ලොකුවට කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්තම් තව අවුරුදු 10කින් අපිට ඔක්සිජන් දන්සැලක් තමයි දෙන්න වෙන්නේ මේ රටේ ගස් කපන විදිහට. දන්සැලට ආපු සහ උදව් කරපු හැමෝටම බොහෝම ස්තූතියි. ඔටාරා ගුණවර්ධන ඔබටත් බොහෝම ස්තූතියි අපිට උදව් කරාට”

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here