තාජුඩීන්ගේ D.N.A වාර්තාව ලැබෙයි

0
76

තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අප්‍රේල්  18 වනදා දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රසාද් සිල්වා මහතා නියෝග කළේ  ය.

මාළඹේ සයිටම් ආයතනයේ තිබී සොයාගත් අස්ථි කොටස් ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් සමග ගැළපෙන්නේ දැයි අනාවරණය කර ගැනීමට බොරැල්ල ජින්ටෙක් ආයතනය  වෙත යොමුකර කැඳවූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබී ඇති බවද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අද (5) දින අධිකරණයට දැනුම් දී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here