තාජුඩීන් ඝාතන සම්බන්ධයෙන් පෞද්ගලික ඔත්තුකරුවන් ලබා දුන් තොරතුරු ගැන වැඩි අවධානය

0
69

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ඔත්තුකරුවන්  ලබා දුන්  රහසිගත තොරතුරු පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බව තීතිපතිවරයා අද (18) අධිකරණයට දැනුම් දී තිබේ.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අදාළ නඩුව අද (18)  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොක්සි හමුවේ කැඳවූ අවසද්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ තොරතුරු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවයි.

මීට අමතරව තාජුඩීන් ඝාතනය සිදුවූදා කොටුව ජනාධිපති මන්දිරයෙන් පිටත් වූ රථවාහන පිළිබඳව සටහන් තබා තිබූ ලේඛණයේ කොළ ඉවත් කර ඇති බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here