තැපැල් පෙට්ටියෙන් කාන්තාවකට හමු වූ අමුතු තෑග්ග

0
146


නිවසේ තැපැල් පෙට්ටිය විවෘත කර බැලූ අමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ කාන්තාවක් විමතියට පත් ව ඇත්තේ ඒ තුළ ගිනියා ඌරෙකු සිටීම හේතුවෙනි.
ගිනියා ඌරන් යනු හාවෙකුට සමාන කෙටි කන් ඇති සත්ව විශේෂයකි. සුදු සහ ලා දුඹුරු පැහැයෙන් යුත් ගිනියා ඌරෙකු මේ තුළ සිටිය දී හමු වී තිබේ.
ආහාර හෝ ජලය නොමැති ව සිටි සත්වයා කිසිවෙකු විසින් තැපැල් පෙට්ටිය තුළ දමා යන්නට ඇතැයි සැක කෙරේ. ලියොන් ප්‍රාන්ත ෂෙරීෆ් කාර්යාලයට මේ පිළිබඳ දැන්වීමෙන් අනතුරුව මෙම ගිනියා ඌරා සතුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයකට භාර දී තිබේ.
මෙම සත්වයා රොසිටා ලෙස නම් කර ඇති අතර ඇය වැඩුණු සත්වයෙකු බව වාර්තා වෙයි. රොසිටා අතරමං කළ බවට කාන්තාවක් පිළිබඳ සැක කෙරෙන අතර ඉදිරියේ දී ඇයට එරෙහි නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලියොන් ප්‍රාන්ත ෂෙරීෆ් කාර්යාලය සූදානමින් සිටී.

එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here