තිස්ස අත්තනායකට රට යන්න අවසර

0
66

සිය දියණිය බැලීමට විදේශ ගතවීම සඳහා එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට අධිකරණය අද (03) අවසර ලබා දී තිබේ.
අධිකරණය භාරයේ තිබෙන තිස්ස අත්තනායකගේ විදෙස් ගමන් බලපත්‍රය ද ඔහු වෙත ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේ ය.
පසුගිය ජනපතිවරණ සමයේ දී පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රිපාල සිරිසේනගේ හා එවකට විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදමින් කූඨ ලේඛන සැකසී යැයි තිස්ස අත්තනායකට එරෙහිව නඩු පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here