තෙල් ටැංකි සංකීර්ණය චීනයට හා ඉන්දියාවට බදු දෙනවාද නැද්ද කියන තීරණය සතියකින් ගන්නවා

0
41

තීරණය සතියකින්

ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායේ තෙල් ටැංකි සංකීර්ණයක් චීනයට හා ඉන්දියාවට බදු දීමේ ගිවිසුමට අස්සන් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය සතියක් ඇතුළත ලබාදෙන බවට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග  ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවට පොරොන්දු වී ඇත.

ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග සහ ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අතර ඉකුත් 07දා මේ සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අනුව ලබන සිකුරාදා වන විට නිසි පිළිතුරක් ඇමැතිවරයාගෙන් නොලද හොත් එදින මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව මේ සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

ඔහු පැවැසූ පරිදි මේ තෙල් ටැංකි සංකීර්ණ වැඩිදියුණු කර ලබාදීමේ හැකියාව තෙල් සංස්ථාවට ඇති බව මීට පෙර ව්‍යාපෘති වාර්තාවක් ජනාධිපති සහ අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

එසේ තිබියදීත් මේ ආයතන විදේශ රටවලට බදුදීමට රජය පියවර ගන්නේ නම් ඊට විරුද්ධව තම සංගමය අඛණ්ඩව වැඩවර්ජනයකට අවතීර්ණ වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here