තෙල් වර්ජනය අවසන්

0
35

ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් ගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
ඊයේ (24) පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරු ව වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවත් මේ හේතුව නිසා වෘත්තීය ක්‍රියා මාර්ගය අත් හළ බවත් ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සුපුරුදු ලෙස රාජකාරියේ නිරතවන බවත් ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති එකමුතුව සඳහන් කර ඇත.
ඊයේ ආරම්භ වූ සිය ඉන්දීය නිල සංචාරය අතරතුර අදාළ තෙල් ටැංකි සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බවට අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here