තෙල් වර්ජනය ඇරඹෙයි – පිරවුම්හල් අසල දිගු පෝල්ම්

0
49

ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් අද (24) අළුයම  සිට ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය ගැටලුවලට විසදුම් ලැබෙන තෙක් අඛණ්ඩව සිදු කරන බව ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අවධාරණය කරයි.

මේ සම්බන්දධව අද උදෑසන වෘත්තීය සමිති නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ත්‍රීකුණ චීන වරායේ තෙල් ටැංකි ඉන්දියාවටත්,හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයටත් විකුණා දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම ක්‍රියාමාර්ග දියත් කරන බව එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණ මහතා සඳහන් කරයි.

මෙම ස්ථාන තුළින් දෛනිකව ඩීසල් මෙට්‍රික්ටෝන් 5000ක් පෙට්‍ර්ල් මෙට්‍රික්ටොන් 3000ක් හා භූමිතෙල් මෙට්‍රික්ටොන් 300ක් න්කුත් කරන බවද ඔහු පවසයි.

මීට අමතරව තෙල් පිරිපහදුව තුළ වැඩවර්ජනය ක්‍රියාත්මක කළ හොත් දෛනිකව බොරතෙල් බැරල් 50,000ක් පිරිපහදු කිරීමේ කටයුතු අඩාලවන බවද  ඔහු වැඩිදුරටත් පෙන්වා දි තිබේ.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේ මෙතෙක් සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here