දකුණු කොරියානු ජනාධිපතිවරණය ඇරඹේ

0
57


ජනාධිපතිනී පාක් ගුවෙන් හයි දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් අනතුරු ව පැවැත්වෙන දකුණු කොරියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී තිබේ.
උතුරු කොරියාව සමග උණුසුම් වාතාවරණයක් පැණ නැගී ඇති මොහොතක පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියාව සමග නම්‍යශීලී අන්දමින් කටයුතු කළ යුතු බව විශ්වාස කරන වාමාංශික අදහස් සහිත මූන් ජේ – ඉන් මෙවර ජනපතිවරණයේ දී ඉදිරියෙන් සිටින අතර ඔහුට ප්‍රධාන අභියෝගය එල්ලවන්නේ මධ්‍යස්ථ මතධාරී අන් චියොල් සූ ගෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here