දවුල්දෙණ ඥාණිස්සර නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

0
49

අපවත් වී වදාළ අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිත ව අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත් වේ.
නුගේගොඩ – පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර පස්වරු 01.00 ට පිටත්වන අතර ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු පස්වරු 03.00 ට ආරම්භ වේ.
ඊයේ (05) දිනයේත් ආගමික නායකයන් දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මහ නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීමට සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here