ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සෙවීමේ මෙහෙයුමක්

0
40

ද්විත්ව පුරවැසි භාවය සහිත මැති ඇමැතිවරුන් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ සිටීද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක්රැස් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනතේ වගන්තිවලට ප්‍රකාරව එම තොරතුරු එක්රැස් කිරීමට නියමිත බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

එලෙස ද්ව්ත්ව පුරවැසිභාවයන් සහිත මන්ත්‍රීවරුන් මෙරට නීති හාප්‍රතිපත්ති සම්පාදනයට නොසුදුසු බව පෙන්මා දෙන එම සංවිධානය එවැනි ජනතා නියෝජිතයන් සිටී නම්, ඔවුන් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළි කිරීම තම සංවිධානයේ අරමුණ බව ඔහු පෙන්වා දේ.

 

යම් අවස්ථාවකදී එවැනි මන්ත්‍රීවරයකු නියෝජනය කරන රටවල් දෙක අතර තීරණාත්මක අවස්ථාවක් ඇතිවුවහොත් එයට අදාළ මන්ත්‍රීවරයා කුමන රටකට පක්ෂපාතීව කටයුතු කරයිද යන්න සැක සහිත බවද හෙතෙම අවධාරණය කරයි.

වෙනත් රටක පුරවැසි භාවය ලබන්නේ තම රටේ සිටීමට ඇති අකමැත්ත නිසා බවත්, එවැනි අකමැත්තක් ඇති පුද්ගලයකු තම රටේ ජනතාවට සේවය කරයි යැයි විශ්වාස කළ නොහැකි බවත් රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here