දිනේෂ් ගුණවර්ධන, මහින්දගේ ජීවිත තර්ජනයට විසඳුම් ඉල්ලයි

0
83

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ ආරක්ෂකයින් ඉවත් කිරීම හේතුවෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් බව පවසමින් මෙයට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලීමක් කර තිබේ.

මැයි දින රැළියෙන් පසු බිය වී ඇති ආණ්ඩුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් 45 දෙනෙකුට ඉන් ඉවත් වෙන ලෙසට නියෝගයක් කර ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මෙහිදී සඳහන් කර ඇත.

”මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාම කියලා තියෙනවා එතුමාගේ ජීවිතයට තර්ජනයක් ඇති වෙන ලෙස ආරක්ෂක නිලධාරීන් ඉවත් කළා කියලා. එතුමා හිටපු ජනාධිපතිවරයෙක් වගේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මැයි දිනයෙන් පසුව තමයි ආරක්ෂකයන් අඩු කිරීමේ නියෝගය එන්නේ. මුලින්ම එතුමාට හිටපු හමුදා ආරක්ෂාව ඉවත් කළා.

දැන් ඉන්නේ ‍පොලිසියේ සහ එස්.ටි.එෆ් එකේ නිලධාරීන් පමණයි. එතුමාගේ ජීවිතයට තර්ජනයක්වන පරිදි මෙලෙස ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම පාර්ලිමේන්තුවේ හා කථානායකතුමාගේ අවධානයට යොමු කරනවා” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාට පවසා තිබේ.

ඊට පිළිතුරුදුන් කථානායකවරයා සඳහන් කළේ  ”විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් මට මේ සම්බන්ධයෙන් කතා කළා. සාගල රත්නායක ඇමැතිවරයා මට හමුවෙනවා. එතනදි මම මේ ගැන කතා කරලා අවශ්‍ය පියවර ගන්නම්.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here