දිනේෂ් චන්දිමාල්ගේ අභියාචනය අයිසිසීය ප්‍රතික්ෂේප කරයි

0
11

පන්දුව පළුඳු කිරීමේ චෝදනා යටතේ වැරදිකරු වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට තමන්ට ලබාදුන් දඬුවම්වලට එරෙහිව පැනවූ චෝදනා සම්බන්ධයෙන් ගොනු කළ ඇපෑල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුගේ ඇපෑල ඊයේ (22දා) අයි.සී.සී. විසින් පත්කළ විනිසුරු කොමසාරිස් මයිකල් බෙලොෆ් ඉදිරියේ කැඳවීය. විනිසුරු කොමසාරිස්වරයා එම ඇපෑල ප්‍රතික්ෂේප කළ අතර එයට හේතු ලබන බදාදා දිනයේදී ලිඛිතව ලබාදීමට නියමිතය.

ඒ අනුව තරග තීරක ජවගල් ශ්‍රීනාත් විසින් චන්දිමාල්ට පැනවූ තෙවැනි ටෙස්ට් තරග තහනම, තරග ගාස්තුවෙන් 100%ක දඩය හා සෘණාත්මක ලකුණු දෙක ඒ ආකාරයෙන්ම ක්‍රයාත්මක වෙනු ඇත.

ඒ අනුව චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වන තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here