දියණිය, මව සහ බෑණා එක්ව ඝාතනය කළ පියාගේ සිරුර හෙට ගොඩ ගනී

0
50


වත්තල, කෙරවළපිටිය ප්‍රදේශයේ පදිංචි ව සිට අතුරුදන් වූ බව කියන 65 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර හෙට (09) දිනයේ ගොඩ ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ දේහය ඔහු පදිංචි නිවසේ පිටුපස වළදමා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.
සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන, පලාගොස් සිටි බිරිඳ සහ දියණිය මට්ටක්කුලිය ප්‍රදේශයේ සැඟ ව සිටිය දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර බෑනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එඬේරමුල්ල ප්‍රදේශයේ දී ය.
අතුරුදන් වූ බව කියන 65 හැවිරිදි පුද්ගලයා ඔවුන් විසින් ඝාතනය කර ඇති බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here