දියමන්තියෙන් වැඩ දැමූ ලොව මිල වැඩිම දුරකතන

0
97

දුරකතන අපගේ එදිනෙදා ජීවිතයේ ප්‍රධාන අවශ්‍යතාවයක්. තාක්ෂණයේ  මෑත කාලීන  දියුණුවත් සමගම, ඔබගේ ජංගම දුරකතනය ඔබේ පරිගණකයට කරන්න පුළුවන් සෑම දෙයක්ම කිරීමට පුළුවන් කමක් ලැබිල තියෙන බව ඔබ දන්නවනේ ඒ නිසා ජංගම දුරකතනවල මිල බොහෝ සෙයින්  වැඩි වීම පුදුමයක් නොවේ. මෙන්න ලොව හොඳම වඩාත් මිල අධිකම ජංගම දුරකථන 10

1. Diamond Rose iPhone 4 32GB – $8 million

මේ දක්වා ලොව මිල අධිකම iPhone ජංගම දුරකතනය ලෙස නම් කර ඇත්තේ Diamond Rose iPhone 4 32GB දුරකතනයයි. මෙය ‘Stuart Hughes’ විසින් නිශ්පාදනය කර තිබේ.ආසන්න වශයෙන් තනි තනි දියමන්ති 500 ක් පමණ යොදා මෙය නිර්මාණය කර ඇත. පිටුපස ඉතා අගනා රත්තරං සහ ඇපල් ලාංඡනය සඳහා අමතර දියමන්ති 53 යොදා සකසා තිබේ. ඉදිරිපස බොත්තම ප්ලැටිනම් වලින් තනා ඇත.

2. Suoreme Goldstriker iPhone 3G 32GB- $ 3,200,000

ලෝකයේ දෙවන වඩාත්ම මිල අධික ජංගම දුරකතන ඇපල් අයිෆෝන් ප්‍රභේදයක් වන Suoreme Goldstriker iPhone 3G 32GB නම් කෙරේ.  මෙහි ආවරණය ඝන රන් ග්රෑම් 271ක් සහ  රත්තරං 22 k යොදා ගනිමින් නිර්මාණය කර තිබේ. home button එක දුර්ලභ දියමන්ති කැරට්- 7.1 යොදා ආවරණය කර ඇත.

 

3. iPhone 3G King’s Button – $2.4 million

ලෝකයේ තුන්වන වඩාත් මිල අධික ජංගම දුරකතන තවමත් iPhone 3G King’s Button වේ.  ‘Peter Aloisson’  මෙම දුරකතනයේ නිර්මාතෘ වේ. දියමන්ති 138 මෙම දුරකනනයේ ස්ථාපනය කර ඇත. කැරට් 6.6 සුන්දර සුදු දියමන්තිය මෙම දුරකතන සුන්දරත්වය වඩාත් වැඩි වන බොත්තම ලෙස ක්‍රියාත්මතක වේ.

4. GoldVish Le Million – $1.3 million

සුකෝපභෝගී ඔරෙලෝසු සහ ස්වර්ණාභරණ රැසක් නිර්මාණය කළ ප්‍රවීණ නිර්මාණ ශිල්පී Emmanuel Gueit විසින් “Le million” නිර්මාණය කර ඇත.මෙය ස්විස්ටර් ලන්තයේ දී නිර්මාණය කර තිබේ. මෙම දුරකතන 2006 සැප්තැම්බර් මස ප්‍රංශයේ කෝටිපතියෙක් වූ ‘කෑන්ස්’ ලොව මිල අධිකම ජංගම දුරකතන ලෙස ගිනස් ලෝක වාර්තාවක් ද ප්‍රධානය කරන ලදී. 8k සුදු රන් හා VVS1 දියමන්ති කැරට් 20 ක් සමගින් මුතු මැණික් අල්ලා නිර්මාණය කර තිබේ.

5. Daimond Crypto Smart Phone – $1.3 million

වින්ඩෝස් CE මත පදනම්ව මෙම smart දුරකතනය සුකෝපබෝගි උපාංග සහිතව ‘Peter Aloisson’ විසින් නිර්මාණය කර තිබේ. මෙම විශිෂ්ඨ නිර්මාණයේ කලාත්මක අගය $1.3 million කට මිල කර ඇති අතර දියමනක්ති 50ක් යොදා ගනිමින් ආවරණයේ විශේෂාංග නිර්මාණය කර තිබේ.

6. Gresso Luxor Las Vegas Jsckpot- $1 million

මෙම දුරකතය සම්ප්‍රධායික හා සුකෝපබෝගී විහේෂාංග සමගින් පැමිණේ. මෙය in2005 ස්විට්සර්ලන්තයේ ස්ථාපිත කරන ලදී. එය ග්රෑම් 180 ක් බරැති රත්තරන්වලින් නිර්මාණය කර ඇත. මෙහි පිටුපස පුවරුව අප්‍රිකානු backwoods (ලෝකයේ වඩාත් මිල අධික දැව වර්ගයක්) වලින් නිම කර තිබේ. එහි යතුරු නිල් මැණික් හා ක්‍රිස්ටල්වලින් නිමවා ඇත.

7. Vertu Signature Cobra – $ 310,000

Vertu Signature Cobra ලොව මිල අධිකම ජංගම දුරකතනය අතර 7වන ස්ථානයේ පසු වේ. ප්‍රංශ රත්තරංවලින් මෙය නිර්මාණය කර තිබේ. තවද මකර ඇස් දෙදක්ද සහිත මෙහි සුදු දියමන්ති හා රතු කැට 439ක් යොදාගෙන ඇත.

8. BlackDiamond VIPN Smart phone – $300,000.

ලෝකයේ මිල අධිකම ජංගම දුරකතන අතර Sony Ericsson’s Black Diamond දුරකතනය 8වන ස්ථානයේ පසු වේ. aren Goh Sony  මෙම ආකර්ශනීය නිර්මාණය සිදු කර ඇත. මෙහි ඇතුළත් අංග අතර හැඩහුරුකම විදහා පෙන්වන කැඩපත, පොලිකාබනේට් කැඩපත සහ කාබනික LED තාක්ෂණය, මෙම තිරයට කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි ය. දියමන්ති දෙකක් යොදා ගනිමින් මෙය වඩාත් අලංකාර කොට ඇත.

9. iPhone Princess Plus – $ 176,400

iPhone Princess Plus , ලොව මිල අධික ජංගම දුරකතනයකි. Apple iPhone ජංගම දුරකතනය වඩා බොහෝ සෙයින් වෙනස් විශේෂාංග මෙහි ඇත. ‘Peter Aloisson’ විසින් මෙය නිර්මාණය කර ඇත. බාහිරින් රන් ආලේප කර ඇති අතර දීප්තිමත් දියමන්තිවලින් ද යුක්ත වේ.’Peter Aloisson’ට අනුව, දියමන්ති හොඳම තත්ත්වයේ ඇති නිසා මෙය ඉතාමත් කැපී පෙනෙන ජංගම දුරකතනයක් බවට පත් වී ඇත.

10. Vertu Signature Diamond –  $ 88,000

ලොව මිල අධිකම ජංගම දුරකතන අනුපිළිවෙල ලැයිස්තු ගත කිරීමට අනුව 10වන ස්ථානයේ  පවතින දුරකතනය මෙයයි.  මෙය ප්ලැටිනම්වලින් නිශ්පාදනය කර ඇති අතර මෙහි එකලස් කිරීමේ ක්‍රියාවලිය handnot යන්ත්‍රය මගින් සිදු කරනු ලබයි. ලස්සන විසිතුරු දියමන්තිවලින් සරසා ඇති මෙය අති සුකෝපබෝගී මෙන්ම සිත් ගන්නා බවකින්ද යුක්ත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here