සෙසු මන්ත්‍රීවරුන්ටත් ද්විත්ව පුරවැසි අවදානමක්

0
91
ද්විත්ව පුරවැසිභාවය මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අහෝසි කිරීමට ඉතිහාසයේ දුන් පළමු නඩු තීන්දුව අනුව ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසීවීම පාර්ලිමේන්තුවේ  ද්විත්ව පුරවැසිභාවය හිමි සෙසු මන්ත්‍රීවරුන්ටද රතු එළි දල්වන්නක් බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර පවසයි.
ඒ අනුව මෙම නඩු තීන්දුව අනුව යමින් ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ සිටින සෙසු මන්ත්‍රීවරුන්ට ද මෙම ඉරණම අත්වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (03) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටි ඔහු වැඩිදුරටත් සඳහන් කරමින් පෙන්වා දුන්නේ
ඇයගේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවැරීමට ඇයට අවස්ථාවක් තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here