දුම්කොළ වගාවේ කැපී පෙනෙන අඩුවක්

0
26

දුම්කොළ වගාව අවම කිරීමට රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයෙන් පසු  නවතම වාර්තාවලට අනුව දුම්කොළ වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර 300කින් අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවයි.

ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති වගා ක්‍රම ක්‍රියාත්මක කිරීම පිළිබඳව  මෙරට ගොවි ජනතාව දැනුවත් කිරීමේ  රැස්වීමකදී  මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

නව බෝග වගාවන් හඳුන්වාදෙමින් ගොවි ජනතාව සෝයා, කෙසෙල් සහ ගම්මිරිස් වැනි වගාවන් කෙරෙහි යොමු කරවීම නිසා දුම්කොළ වගාව මෙලෙස අවම තත්තවයකට පත් වී ඇති බවයි පැවසෙන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here