දුම්රිය දෙමටගොඩ නවතා ගාඩ් ගෙදර යයි

0
43

අද (05)‍ පෙරවරු 07.00 ට කොළඹ කොටුවෙන් රඹුක්කන බලා පිටත් වූ අංක 1135 දරණ මන්දගාමී දුම්රියේ දුම්රිය නියාමක දුම්රිය දෙමටගොඩ දුම්රිය ස්ථානයේ නතර කළ පසු ඉන් බැස රාජකාරියෙන් ඉවත් වී තිබේ.

මේ නිසා දුම්රිය මගීන් දැඩි නොසන්සුන්තාවයකට  පත්ව ඇත.

මෙම දුම්රිය නැවත ගමන් ආරම්භ කරන ලද්දේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි විසින් වෙනත් දුම්රිය නියාමකවරයකු  එම දුම්රියේ සේවයට අනුයුක්ත කිරීමෙන් පසුවය.

සයිටම් අහෝසි කිරීම අැතුලු ඉල්ලීම් 3ත් මුල්කරගෙන දුම්රිය රියදුරන් හා නියාමකවරුන් අද වැඩ වර්ජනය කරයි මේ හේතුවෙන් මෙම අපහසුතාවයට මුහුණ දීමට දුම්රිය මගීන් ට සිදුව තිබේ.

කෙසේ වෙතත් දුම්රිය වර්ජනයේ යෙදෙන  දුම්රිය රිදුරන් හා නියාමකවරුන් පවත්වන විරෝධතාවට එක්වන කොන්ත්‍රාත්ගත දුම්රිය නියාමකවරුන් හා රියදුරන් සේවය හැරගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here