දුමින්දගේ දික්කසාද බිරිඳ සමග මහින්දානන්ද යළිත් යුග දිවියට

0
71


හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28) යළිත් යුග දිවියට පිවිසෙන බවට වාර්තා වේ.
මහින්දානන්ද අලුත්ගමගේ එලෙස යුග දිවියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳවන හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දියණියක් ද වන සේනානී ජයරත්න සමගින් බවට වැඩිදුරටත් වාර්තා වේ.
මෙම උත්සවය රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා සාක්ෂි වශයෙන් අත්සන් කිරීමට නියමිත ය.
පසුගිය කාලය පුරාම සේනානී හා මහින්දානන්ද අලුත්ගමගේ ඔවුන් දෙදෙනාගේම ‍Facebook ගිණුම්වල ඔවුනොවුන් ආදරවන්තයින් බවට පවසා Relationship Status ද යාවත්කාලින කර තිබුණු අතර එම ආදරය මල්ඵල දරමින් මේ වන විට ඔවුන් විවාහවන බවත් දැන ගන්නට ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here