දෙවැනි වරටත් ගණිතය අසමත් සිසුවා කෝච්චියට පැන දිවි නසාගනී

0
82

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග ප්‍රතිඵල ලබාගත් සිසුවකු ගණිත විෂය අසමත්වීම හේතුවෙන් ඇති වූ කනස්සල්ල  නිසා කොච්චියට පැන සිය ජීවිතය විනාශ කරගෙන තිබේ.
මෙම සිසුවාගේ මළ සිරුර ජා ඇල දුම්රිය මංසන්ධිය ආසන්නයේ දුම්රිය මාර්ගයෙන් තිබිය දී ජා-ඇළ පොලීසය සොයා ගෙන ඇත.
දේහය හමු වූ ස්ථානය ළඟ තිබී මුදල් පසුම්බියක් හා ජංගම දුරකතනයක් බෑගයක් සොයගෙන ඇත. මුදල් පසුම්බිය තුළ තිබු ජාතික හැදුනුම් පත මගින් සිසුවා හඳුනා ගෙන ඇති අතර ඔහු අනුරාධපුරයේ මහරගග වැව ප්‍රදේශයේ පදිංචි චමෝද් ලලන්ත උදය නමැති වයස 18 ශිෂ්‍යයෙකි.
තව දුරටත් සෝදිසි කළ පොලීසිය වැටී තිබු දුරකතනයෙන් මිතුරකු සම්බන්ධ කර ගෙන ඔහුගෙන් විස්තර ලබා ගැනීමේ දී පවසා ඇත්තේ මිය ගිය සිසුවා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී දෙවන වරටත් ගණිතය විෂය අසමත්වීම හේතුවෙන් කල කිරීමකින් සිටි බවයි. මෙම සිසුවා ඊයේ (28) දින සවස අනුරාධපුරයේ සිටි බව ඔහු පවසා ඇත.
දුම්රිය මාර්ගයක දී අනතුරක් සිදුවුවහොත් දුම්රියේ රියදුරා දුම්රිය නැවත්විය යුතු අතර සිසුවාගේ දේහය හමු වූ ස්ථානයේ කිසිදු දුම්රියක් නතර කර තිබී නොමැත.
අලුයම 03.00 ට අනතුර සිදු වූ ස්ථානයේ යාබද ජීවත්වන කාන්තාවක් මාළු රැගෙන ඒම සඳහා යමින් සිටිය දී මෙම සිසුවා ජංගම දුරකතනයෙන් වෙනත් කෙනෙකු සමග කතා කරමින් සිටි අයුරු දැක තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් ජා-ඇළ පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here