දෙස් දොවොල් මැද ගොඩයන ඉරාජ්ගේ Youtube ආදායම

0
226

ලංකාවේ සංගීත වෙළඳපොළ ජය ගත් පුද්ගලයන් අතරින් ඉරාජ් වීරරත්න කියන්නේ අංක එකටම ඉන්න කෙනෙක්.

සංගීත වීඩියෝවලින් විවිධ ක්‍රමයට ආදායම් උපයන මොහු නව මාධ්‍ය සියල්ල අතික්‍රමණය කර මුදල් උපයන තත්ත්වයට පත් ව තිබේ.

ලෝක ප්‍රසිද්ධ Youtube ආදායම් තක්සේරු කරන වෙබ් අඩෙවියක්වන socialblade.com වෙබ් අඩෙවිය විසින් සිදු කළ තක්සේරු වාර්තාවක් හරහා ඉරාජ්ගේ මාසික සහ වාර්ෂික Youtube ආදායම කොපමණ ද යන්න පිළිබඳ යම් අදහසක් ලබාගෙන ඇත.

කාලෙන් කාලෙට අමුතු වීඩියෝවලින් ඉරාජ් Youtube හරහා මාසිකව ලබන ආදායම අමරිකානු  ඩොලර් 15,000 ($15,000)ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ රුපියල්වලින් එම මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 275 ඉක්මවයි.

කවුරු කොහොම මොන විදිහේ විවේචනයන් සිදු කළත් ඉරාජ් සිය නිර්මාණ හරහා දැවැන්ත ආදායමක් උපයන චරිතයක් බවට පත් වී ඇත.

කෙසේ වෙතත් මෙම ආදායම දළ වශයෙන් ගණනය කරන ලද්දක් වන අතර සත්‍ය ආදායම මීට වඩා බොහෝ සෙයින් වැඩිවිය හැකි බව වාර්තා වේ.

socialblade.com වෙබ් අඩෙවිය ඉරාජ්ගේ දළ ආදායම පිළිබඳව ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාව පහතින් ..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here