දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට

0
64

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිත ව ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් සඳහන් කරයි.
මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත් වේ.
ප්‍රමාද වී ඇති පළාත් පාළන මැතිවරණයේ ඡන්ද විමසීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම, මැතිවරණ අණපනත්වලට ගෙන ආ යුතු සංශෝධන පිළිබඳ සහ ලියාපදිංචිය ඉල්ලා ඇති නව දේශපාලන පක්ෂ පිළිගැනිම සම්බන්ධයෙන් ද එහි දී මුලික ව සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.
එ සේ ම 2017 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණය ප්‍රතිශෝධන කටයුතුවලට පක්ෂවලින් නියෝජිතයින් පත් කිරීම සම්බන්ධයෙන් ද එහි දි සාකච්ඡා කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here