දොරක් පෙරළී බිළිඳෙක් මියයි

0
42

මාස 08 ක් වයසැති බිළිඳෙකු මතට වසා තිබූ දොරක්  පෙරළීම හේතුවෙන් එම බිළිඳා මියගොස් තිබේ.

වැලිඔය ළිඳ වැව දකුණ ප්‍රදේශයේ දී අද (02) පෙරවරුවේ මෙලෙස මියගොස් ඇත්තේෙ, අවිස්ක දෙනුවන් කරුණාසේන නමැති බිළිඳෙකි.

මව සහ පියා දෙදෙනාම නිවසින් බැහැරව සිටිය දී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අතර අදාළ දොර සවි නොකළ දොරක් බවත් එය පැවති සුළං තත්ත්වය හේතුවෙන්  එම දොර පෙරළෙන්නට ඇති බවට වැලිඔය පොලීසිය සැක පළකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here