ධනුෂ්කගේ උත්සාහය අපතේ ගිය හැටි

0
11
  • ගාල්ල කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 38ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 163/8ක් රැස්කිරීමට සමත්විය. කුසල් මෙන්ඩිස් පන්දු 32කදී ලකුණු 58ක් රැස්කිරීමට සමත්විය. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අමිල අපෝන්සු කඩුලු තුනක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 කදී රැස්කිරීම හැකිවූයේ 125/9 ක් පමණි.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 58කදී ලකුණු 73ක් රැස්කිරීමට සමත්විය. කෙසේ වෙතත් වෙනත් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි. ගාල්ල වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here