ධම්මාලෝක හිමිට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට

0
59


අධිකරණ භූමිය තුළ දී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට තර්ජනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 05 වැනිදා සැකකරු විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණ භූමිය තුළ දී තර්ජනය කර ඇති බව වාර්තා වේ.
පසුව අද (03) දිනයේ ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණි අවස්ථාවේ අදාළ සැකකරු අධිකරණ භූමියේ සිටින බව දුටු උන්වහන්සේ ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව කෙසෙල්වත්ත පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here