නටාෂා බාලේන්ද්‍ර ඉල්ලා අස්වෙයි

0
64

ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
පෞද්ගලික හේතුවක් මත ඇය එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව එම අධිකාරිය නිවේදනය කරයි.
මේ හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීතීඥ මරිනි ද ලිවේරා පත් කර තිබේ. නීතිවේදී උපාධිධාරිනියක්වන මරිනි ද ලිවේරා මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි.
එසේම ඇය ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ කමිටුව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ පනත සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here