නාමල් ඇතුළු 05 දෙනකුට නොතීසි

    0
    71


    මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කළ නඩුවක් සඳහා ලබන 06 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ නොතීසි නිකුත් කර තිබේ.
    නාමල් රාජපක්ෂ මහතාට අමතර ව තවත් සිව් දෙනකුට ද එදිනට එම චෝදනාව සම්බන්ධයෙන් ම අධිකරණය් පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබී ය.
    නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂත් සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානායක යන අයටත් තවත් අයකුටත් එරෙහි ව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ය.
    සීමාසහිත පවර්ස් කෝපරේට් පෞද්ගලික සමාගම පිහිටුවීම සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කර ඇති බවත් එකී මුදල උපයාගත් ආකාරය සැක සහිත බව පවසමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here