නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට අභියෝගයක්

0
130


හැකිනම් මැයි පළමු වැනි දා ගෝල්ෆේස් පිටිය පුරවා පෙන්වන ලෙස ආණ්ඩුවේ පිරිස් අභියෝග කළ බවත් එම අභියෝගය ඉතා සාර්ථක ව ජයගත් බැවින් හැකිනම් ඉතා ඉක්මනින් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (03) ඒකාබද්ධ විපක්ෂයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.
දේශද්‍රෝහි පාලනයට විරුද්ධ ජනතාව හා මහින්දට ආදරය කරන ජනතාව මැයි රැළියට එක් වූ බවත් එම ජනතාව දැකීමෙන් හෝ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් රටට අවශ්‍ය කුමක් ද යන්න වටහා ගනු ඇතැයි ද නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසී ය.
මේ වනවිට රටේ බලය සම්පූර්ණයෙන් මහින්ද රාජපක්ෂට හිමි ව ඇති අතර ඉතා කඩිනමින් මැතිවරණයක් ඉල්ලා සිටින බව ද ඔහු පෙන්වා දුන්නේ ය. එසේ ම එම අභියෝගය රජය බාර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here