නැගණියගේ සැමියා සමග පෙම් සුව විඳින්න අතදරුවෙක් ද සමග ලැගුම්හලට ගිය කතක්

0
111

මාස 4ක සිය බිළිඳිය ද සමග තම නැගණියගේ සැමියා සමග ලැගුම් හලක අනියම් පෙම් සුව විඳිමින් සිටි 36 හැවිරිදි දෙදරු මවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දරුවා ලැගුම්හල තුළ අධික ලෙස හඬනු ඇසීම හේතුවෙන් ලැබුණු තොරතුරක් අනුව නිකවැරටිය පොලිසිය කළ පරීක්ෂා කිරීමක දී මෙම අනියම් යුවල අත්අඩංගුවට ගෙන ඇත.
තම නැගණියගේ නිවෙසට යන බව ස්වාමි පුරුෂයාට පවසා කාන්තාව අත දරුවා ද රැගෙන නිවසින් පිට වී තිබේ.
අනියම් සැමියාවන නැගණියගේ සැමියා රුපියල් විසි දහසක් පමණ වටිනා ඇඳුම් පැළඳුම් සිංහල අවුරුද්ද වෙනුවෙන් අදාළ කාන්තාවට රැගෙන දී ඇති බව ද පොලිසියේ දී හෙළි වී ඇත.
පසුව ලැගුම් හලකට ගිය අවස්ථාවේ බිළිඳා, මවගෙන් වෙන් කර තැබීම හේතුවෙන් අධික ලෙස හඬන්නට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here