”නැවුම් තේ මංගල්‍යය” මැයි 11 වැනිදා

0
40

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමා වීමෙන් පසු නෙළා ගන්නා මුල්ම තේ කොටස නිමි තේ බවට පත්කර ආගමික වශයෙන් ඒවා පූජා කිරීමේ ‘නැවුම් තේ මංගල්‍යය’ උත්සවය  මැයි මස 11 වැනිදා ප්‍රදේශ රැසක විවිධ ආගමික ස්ථාන මුල් කරගනිමින් පැවැත්වෙන බව තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ පවසයි.

එහි රාජ්‍ය උත්සවය මාතර ගැටබරු රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන අතර රත්නපුර සමන් දේවාලය, කළුතර කන්දේ විහාරය, බදුල්ල මුතියංගණ විහාරය, ගම්පොළ ඇම්බැක්කෙ මුස්ලිම් පල්ලිය, ගම්පොළ ශාන්ත ජෝසප් දේවස්ථානය, නුවරඑළිය සීතා අම්මාන් කෝවිල ආදී පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් නැවුම් තේවලින් වෙන් කරගත් නිමි තේ පූජා කිරීම එදිනට සිදු වීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here