නියගයෙන් දිස්ත්‍රික් 14ක් විපතට පත්වෙයි

0
54

 

මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන්  දිස්ත්‍රික් 14ක පවුල් 275,778කට අයත් පුද්ගලයන් 1,011,406ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම පිරිසෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන  අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 66921කට අයත් පුද්ගලයින් 280,342ක් පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

පීඩාවට පත්ව සිටින ප්‍රමාණයෙන් විශාල පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බවද වාර්තා වේ.

අධික උණූසුමත් සමග ඇති වී ඇති මෙම කාලගුණ තත්වය හේතුවෙන් බොහෝ පිරිස් පීඩා විදින අතර මේ හේතුවෙන් විවිධ ලෙඩ රෝග ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක්ද පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here