නොවන්නට ජල්තර කමු මෙහෙම බිත්තර

0
88

බිත්තර ආහාරයට ගැනීමට බොහෝදෙනෙකු ඉතාමත් කැමැත්තක් දක්වන බව ඔබ දන්නා කරුණකි. එහෙත් මේම ආහාරය පිළිබඳ එතරම් අවධෝධයක් බොහෝදෙනෙකු සතුව නොමැති බව නම් සඳහන් කළයුතු ය. බිත්තර ආහාරයට ගැනීමට ඔබ කැමැත්තක් දක්වනවානම් මෙම කරුණු පිළිබඳ දැනසිටීම ඉතාමත් වැදගත්.

සිරුරේ මාංශපේශි වර්ධනයට ප්‍රෝටීන් ඉතාමත් වැදගත් මෙහෙයක් සිදුකරයි. මෙලෙස සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගැනීමට පහසු මාර්ගයක් ලෙස බිත්තර ආහාරයට ගැනීම සඳහන්කළ හැකිය. ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් පවතිනුයේ බිත්තර සුදුමදය තුළ බව මතකතබාගත යුතු ය. එමෙන්ම බිත්තර සුදුමදය තුළ ඇමයිනෝ අම්ලය,  සෙලේනියම්, පොස්පරස්, යකඩ වැනි පෝෂක ද අඩංගු බව ඔබ දන්නවද? එක් බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 9ක් හා කැලරි ග්‍රෑම් 70 පමණ අඩංගු වේ. එබැවින් වැඩෙන දරුවන්ට මෙන්ම කායවර්ධනයට ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ටද බිත්තර ආහාරයට ගැනීම ඉතාමත් යෝග්‍ය වේ. එමෙන්ම හිසකෙස් නිය ආදිය වර්ධනයට ද බිත්තර ආහාරයට ගැනීමද සිදු වේ.

විශේෂයෙන්ම දිනකට ආහාරයට ගත යුතු බිත්තර ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් පැවතීමද ඉතාමත් වැදගත් කරුණක්. විශේෂයෙන්ම ඔබ කය වෙහෙසා වැඩකරන කෙනෙකු නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්. වැඩෙන දරුවෙකු සඳහා දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් වේ. එමෙන්ම ගර්භනී සමයේදී  කාන්තාවන් දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් වේ.  ප්‍රමාණය ඉක්මවා බිත්තර ආහාරයට නොගෙන මෙලෙස බිත්තර ආහාරයට ගැනීමෙන් සුන්දර සිරුරක් ලබා ගැනීමට ඔබටත් හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here