පකිස්ථානු ක්‍රීඩකයෙකු හා කොදෙව් ක්‍රීඩකයෙකු ගැටෙයි

0
50

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ (30) පැවති දෙවන 20 යි 20 තරගයේදී සංචාරක පකිස්ථාන කණ්ඩායමේ අහමඩ් ශේෂාද් තුවාල ලබා තිබේ.

ඒ කොදෙව් ක්‍රීඩක චැඩ්වික් වෝල්ටන් දුවද්දී දවා ගැනීමකට උත්සාහ කළ අවස්ථාවේදීය.

එහිදී කඩුල්ල වෙත දිව ගිය අහමඩ් ශේෂාද් මාලන් සැමුවෙල්ගේ සිරුරේ ගැටීමෙන් පිටිය මැද ඇද වැටුණු අතර, එහිදී ඔහුගේ ගෙලේ ආබාධයක් ඇතිවී තිබේ. ඒ අනුව ඔහු රෝහල් ගත කිරිමට බලධාරීන් තීරණය කර ඇත.

කෙසේ වෙතත් තරගය අතරතුර ආබාධයට ලක්වුව ද අහමඩ් ශේෂාඩ් තරගය අවසන් වීමට වෛද්‍ය ප්‍රතිකාර ලබා  නැවතත් පිටියට පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here