පවුල් ජීවිත කඩාකප්පල් කරන ප්‍රභල හේතුවක් හෙළිවෙයි

0
59


ප‍්‍රමාණය ඉක්මවා දෙමව්පියන් ජංගම දුරකතන භාවිත කිරීම පවුල් ජීවිත කඩාකප්පල්වීමට එක් හේතුවක් වී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.
මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 11ත් 18ත් අතර 2000කට අධික පිරිසක් සහභාගී කරගෙන ඇත.
ඔවුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් පවසා ඇත්තේ ජංගම දුරකතන භාවිතය නතර කළ හැකි දැයි තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටි බවයි.
ජංගම දුරකතනය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් 82% කට ආහාර ගැනීම පවා අතපසුවන බව එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.
සති අන්තයේ පැය 03ත් 05ත් අතර ප‍්‍රමාණයක් දෙමාපියන්ගෙන් 37%ක් අන්තර්ජාලය තුළ සැරිසරණ බවට ද එහි දී අනාවරණ වී තිබේ.
බි‍්‍රතාන්‍යයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here