පළාත් 04කට වැසි

0
2

Image result for rain

උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වලට අද (23දා) සිට ඉදිරි සතිය පුරාම සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දිනයේදී සෙසු ප්‍ර‘දේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවත් මීට අමතරව විටින් විට දකුණ පළාත තුළ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 – 50 අතර අගයක් ගත හැකි බවත් කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ රචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත්, ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් ඇය කියා සිටියාය.

මීට අමතරව අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු වළක්වාගැනීමට ජනතාව කටයුතු කළ බවද ඒ මහත්මිය සඳහන් කළාය.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා ඉහළ යා හැකි බවත්, සුළඟේ වේගය ඉහළ යන විට එම මුහුදු ප්‍ර‘දේශ තාවකාලිකව රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here