අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

0
63

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට අද (06) පස්වරු 02.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි සමග තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක් වේ.
එමෙන්ම අකුණු අනතුරුවලින් ආරක්ෂාවීම සඳහා කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර අද දිනයේ දී ගොඩකවෙල, මග්ගොන, බදුරලිය, මැද මීතොට සහ තිඹිරිගහමංකඩ යන ප්‍රදේශවලට සූර්යයා දෘශ්‍ය ලෙස මුදුන් ව පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here