ප්‍රදේශ 03කට ඉන්ෆ්ලූවන්සා – 05 ක් මියයයි

0
53

මාතලේ දඹුල්ල මහනුවර ආශ‍්‍රිත ප‍්‍රදේශවල මේ දිනවල ඉන්ෆ්ලූවන්සා A H1 N1 රෝගය පැතිර යාම සීඝ්‍ර ලෙස ඉහල යමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

රෝහල් කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරීන් කිහිපදෙනෙකු ද ඇතුළුව මාර්තු මාසයේදී මාතලේ රෝහලේ පමණක් රෝගීන් 60 ක් පමණ හදුනාගෙන ඇති අතර ඒ අතරින්   පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබේ.

එම රෝහල්වල අවශ්‍ය පහසුකම් හා උපකරණ නොමැතිවීම රෝගය ව්‍යාප්ත වීමට හේතුව බව මෙම සංගමය පවසයි.

N19 මුඛ ආවරණ ප‍්‍රමාණවත්ව සපයා නොමැති අතර වෙන්කර ප‍්‍රතිකාර කරන වාට්ටු ද මෙම රෝහල් තුළ නොපවතින බව ඔවුන් පෙන්වා දෙයි.

මීට අමතරව කාර්ය මණ්ඩලයේ මෙම රෝගයට ගොදුරුවුවන්ට අනතුරු නිවාඩු ලබා නොදෙන බවත් එසේම එම වාට්ටුවල කාර්ය මණ්ඩලයට අනතුරු දීමනාව නොගෙවන බවටද චෝදනා ඇත.
මේ පිළබඳ සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතව  දැනුම් දී ඇති අතර මෙලෙස  රෝගය පැතිරයාම සිදු වුවහොත් දින කීපයක් ගතවන විට බරපතල වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙන බවත් එම සංගමය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here