ප්‍රධාන ජලාශවල ජල මට්‌ටම 37% දක්වා පහළට

0
64


දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්‌ටම 37% දක්‌වා පහළ ගොස්‌ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජලාශ යටතේ වගාව 50% කින් පමණ අඩුවනු ඇති බව එහි අධ්‍යක්ෂ (ජල කළමනාකරණ හා පුහුණු) වසන්ත බණ්‌ඩාර පළුගස්‌වැව පැවැසී ය. ප්‍රධාන ජලාශ 73 ක්‌ සහ මධ්‍යම ජලාශ 309 ක්‌ යටතේ අක්‌කර හත්ලක්‍ෂ පනස්‌ දහසක්‌ වගාව සඳහා ජලය නිකුත් කෙරෙන අතර පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් 56% ක වී සහ අතිරේක ආහාර භෝග වගා කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ජලාශවල ජලධාරිතාව අඩුවීම හේතුවෙන් වී සහ අතිරේක ආහාර භෝග වගාව 50% ක් දක්‌වා අඩුවනු ඇති බවත් ගොවි ව්‍යාපාර 2017 යල කන්න රැස්‌වීම්වල දී ගන්නා තීරණවලට අනුව වගාව පවත්වාගෙන යාමට තීරණය කරන ඔහු පැවැසීය. 30% වී වගා කිරීමටත් 26% ක අතිරේක ආහාර භෝග වගා කිරීමටත් සැලසුම් කර තිබේ.
මුං, සෝයා, බෝංචි, ලොකු ලූනු, බඩ ඉරිඟු ඇතුළු දින හැටකින් අස්‌වනු නෙළා ගත හැකි කෙටි කාලීන භෝග වගාවට ඉදිරිපත් විය යුතු බවත් දැනට ඇති ජලය උපරිම ලෙස කළමනාකරණය කර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
ප්‍රධාන ජලාශවලින් පානීය ජලය සැපයීම ද පවතින නියඟය හේතුවෙන් අවදානමට පත්වනු ඇති බව ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here