ප්‍රසිද්ධ බ්ලොග්කරුවෙක් ඝාතනය කෙරේ

0
72


‘යමීන් රෂීඩ්’ නමැති මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ බ්ලොග් ලේඛකයෙකු ඔහුගේ නිවස පිටුපස තරප්පු පෙළක් මත ඝාතනය කර දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ සිරුර සොයා ගන්නා විට සිරුරේ පිහි ඇනුම් 16 ක් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
“ද ඩේලි පැනික්” නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය මෙම ලේඛකයා, 2014 දී අතුරුදහන් වූ මාලදිවයින් මාධ්‍යවේදියෙකුගේ සමීප මිතුරෙක් ද වේ.
ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා මානව හිමිකම් සහ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි අයෙක් වීරවරයෙක් බව මාලදිවයිනේ සිටින එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය තානාපතිවරු ප්‍රකාශ කර තිබේ.
මාලදිවයින් රජය මෙම ඝාතනය හෙළා දකින බව ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ ප්‍රකාශකයෙක් කියා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here