”ප්‍රිහාන්ට දැන් මාත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ” – නටාෂා කියයි

0
93

ජනප්‍රිය ගායන ශිල්පී නටාෂා පෙරේරා සහ ප්‍රිහාන් මඩප්පුලි යනු ඔවුන්ගේ විවාහ මංගල උත්සවය හේතුවෙන් මිට වසර 02කට පමණ ඉහත දී සමාජය තුළ බොහෝ අවනාදයට පාත්‍ර වූ යුවළකි.
ඒ නිසාම ඔවුන් දෙදෙනාගේ ජිවිතයේ බොහෝ තොරතුරු සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ දෛනික වැඩකටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නටාෂා පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
එම සංවාදය පහතින් :
නතාෂා ඉතින් කොහොමද ජීවිතේ?
ජීවිතේ හොඳයි. නීතිඥවරියක් විදිහට 2015දී මම දිවුරැම් දුන්නා. ඉතින් දැන් මගේ වෘත්තියත් එක්ක තමයි කාර්යබහුල වෙලා තියෙන්නේ.
ප්‍රිහාන්ගෙයි ඔයාගෙයි ජීවිතේ කොහොමද?
අපි දෙන්නගේ ජීවිතේ හොඳයි. අපි දෙන්නා විවාහ වුණේ 2015 මැයි මාසේ. අපේ විවාහයට දැන් අවුරුදු දෙකක් ගතවෙන්නත් ළඟයි. ඉතින් මේ අවුරුදු දෙක තුළ බොහෝම සාමාන්‍ය සරල ජීවිතයක් ගතකරමින් අපි දෙන්නා සතුටින් ජීවත් වෙනවා.
විවාහවුණු අලුත් නතාෂායි ප්‍රිහානුයි ජීවිත්වුණේ ප්‍රිහාන්ලගේම ගෙදර නේද?
ඔව්… විවාහවුණු මුල් කාලේදී අපි ප්‍රිහාන්ගේ ගෙදරමයි ජීවත් වුණේ. ඊට පස්සේ අපි ටික කාලයක් පිටරට ගිහින් ගිටියා. දැන් අපි වෙනමම ගේක තමයි ජීවත්වෙන්නේ.
කොහොම ඔය දෙන්නා ඔයාලගේ වැඩ, ගෙදර වැඩ එහෙම කරන්නේ. ප්‍රිහාන් එහෙමත් ඒවාට උදවු කරනවාද?
දැන් අපි ඉන්න ගෙදරට ඇවිත් අවුරුද්දක් විතර වෙනවා. ගෙදර වැඩවලට අපිට උදව්වට කෙනෙක් ඉන්නවා. හැබැයි ගෙදර වැඩ බොහෝමයක් වෙන්නේ මගේ අතින්. ඒ හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ මමයි. ප්‍රිහාන්ගේ ව්‍යාපාරික කටයුතු නිසා එයා මටත් වඩා කාර්යබහුලයි.
ඒ කියන්නේ ප්‍රිහාන් උදව් වෙන්නෙම නැද්ද?
මෙහෙමයි එයා උදව් කරනවා. හැබැයි එයාට වැඩ වැඩියි. සමහර වෙලාවට අපි දෙන්නට කතාකරගන්නවත් වෙලාවක් නැති තරම්. ගෙදර වැඩ ගැන ඉස්සර මම දැනගෙන හිටියේ නෑ. ඒ හැම දෙයක්ම දැනගත්තේ විවාහ වුණාට පස්සෙයි. ප්‍රිහාන්ගේ වුණත් මුලදී ඒ දේවල්වලට ලොකු සහයෝගයක් ලැබුණා. ඊට පස්සේ ඒ හැමදේටම පුරුදු වුණාට පස්සේ දැන් ඒක අපිට ගාණක් නෑ. විවාහයත් එක්ක තමයි මම හැමදෙයක්ම ඉගෙන ගත්තේ. ප්‍රිහාන් ගෙදර ඉන්න වෙලාවට උදව් කරනවා. හැබැයි දැන් මම එහෙම උදවු බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මොකද එයා මහන්සිවෙලා එන නිසා.
ප්‍රිහාන් කියන්නේත් ගායන ශිල්පියෙක්. ඔබත් ගායන ශිල්පිනියක් දෙන්නා එකතුවෙලා අලුතින් නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
එහෙම අදහසක් තිබ්බා. තාමත් තියෙනවා. ඒ නිසා අපි කොහොමත් හිතාගෙන ඉන්නේ ප්‍රිහාන්ගේ සින්දුවක් හරි මගේ සින්දුවක් හරි දෙන්නගෙම සින්දුවක් හරි මැයි මාසය අගදිවත් කරන්න තමයි. ඒකට සූදානමකුත් තියෙනවා. හැබැයි ඒකට ලොකු හදිස්සියක්වත්, බලාපොරාත්තුවක්වත් තිබුණේ නෑ. ඒකයි මෙච්චර කල් ඒකත් පහුවුණේ. කිසිම දේකට අපි දෙන්නා හදිසි වෙන්නෙ නෑ.
නතාෂා විලාසිතාවලට මේක්අප්වලට ආසයි නේද?
මම ගොඩාක් වෙලාවට කැමැතියි මගේ කොණ්ඩේ පාට වෙනස් කරන්න. හැබැයි විලාසිතා කියලා ඇඳුම් පස්සේ යන එක මම සෑහෙන්න අඩුයි. මම ගැන එක එක්කෙනා එක එක කතා කිව්වට රූපලාවන්‍ය කටයුතුවලට තරම් අඩු වියදමක් නෑ වෙන කිසිම දේකට. මම ඒ තරමටම ඒ දේවල්වලට වියදම් කරන්නේ නෑ. මගේ ලොකුම ආසාව තමයි කොණ්ඩේ පාට කරන එක. ඒක තමයි මගේ විලාසිතාව.
දැන් අවුරුදු දෙක්ක පිරුණනේ. ආදරණීය අම්මා කෙනෙක් වෙන්න කාලය හරිද?
අපි ඒ ගැන සැලසුම් කරලවත් නෑ. අපි විවාහවෙලා අවුරුද්දක් හිටියේ පිටරට. ලංකාවට ඇවිත් තාම ලොකු කාලයක් නොවේ. ආපු කාලය තුළදි අපිට එහෙම ස්ථාවරයක් තිබුණෙත් නෑ. ප්‍රිහාන්ගේ ව්‍යාපාරය නිසා කාර්යබහුල වුණා. මම මගේ වෘත්තිය හදාරන්න කාර්යබහුල වුණා. බලමු… අවුරුදු දෙකක් කියන්නෙත් ලොකු කාලයක් නෙමෙයිනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here