කුඩු අදිමින් සිටි ඩිෆෙන්ඩරය කෝටි 200ක කුඩු සමග මාට්ටු (PHOTOS)

0
82

විදේශ ගතව සිටින පාතාල නායක මධූෂ් නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 200 පමණ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 200ක් වයඹ මුහුදු තීරයේ හලාවත දී අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත මුතුපන්තිය ප්‍රදේශයෙන් ඊයේ (11) අත්අඩංගුවට ගත් මෙම හෙරෙයින් තොගය පුත්තලම දිසා බුද්ධි එකකයේ නිලධාරින් විසින් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබිය දී  අත්අඩංගුවට ගෙන ඇත.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදු කළ විශාලතම හෙරොයින්  වැටලීම මෙය බවත් මෙය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක එක් කොටසක් විය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හලාවත පොලිස් අධිකාරි කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසිය.

එම ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here