පැරීසියේ පොලීසියට ත්‍රස්ත ප්‍රහාරයක්

0
44

ප්‍රංශයේ පැරිස් නුවර පොලිස් රියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මරණයට පත් ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ලවුණු චැම්ප් එලිසීස් ප්‍රදේශය මුද්‍රා තැබුණු අතර හුදෙකලා ප්‍රහාරකයා ආරක්ෂක අංශ විසින් මරා දමා තිබේ. “පෙනෙන්නට ඇති ආකාරයට හිතාමතාම අදාළ නිලධාරීන් වෙත ප්‍රහාරය එල්ලකර තිබෙනවා” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක පියේ හෙන්ර්ය් බ්‍රන්ඩෙට් ප්‍රංශයේ BFMTV පුවත් චැනලයට පවසා තිබේ.
එම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ. ප්‍රංශ ජනපති ප්‍රංශුවා හෝලාන්දේද මෙය ත්‍රරස්ත ප්‍රහාරයක් බව තහවුරු කර ඇත.
ප්‍රංශයේ වේලාවෙන් රාත්‍රී 9.00 ට පොලිස් බස් රථයක් අසලින් මාර්ගයේ පසෙක නතර කළ මෝටර් රියකින් බට පුද්ගලයෙකු ස්වයංක්‍රීය ගිනි අවියකින් බස් රියට ප්‍රහාර එල්ල කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පවසා තිබේ. එක් නිලධාරියකු මරා දැමු ප්‍රහාරකයා තවත් දෙදෙනෙකුට තුවාල කරමින් පළා යාමට උත්සහ කළ ද ආරක්ෂක අංශවල වෙඩි පහරට ලක් ව ඔහු මිය ගිය බව ද වාර්තා වේ.
2015 වසරේ සිට මේ දක්වා ප්‍රංශයට එල්ල වී ඇති ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 238කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here