පැහැරගත් මාමා සහ පුතා නිදහස් කිරීමට ලක්ෂ 30ක් ඉල්ලයි

0
37

 

ගම්‍පොළ බස් නැවැතුම්‍පොළ අසල ගඟවට පාරේ වෙළෙඳසැලක් වෙත පැමිණෙමින් සිටි අවුරුදු 2 1/2ක කුඩා පිරිමි දරුවකු හා 23 හැවිරිදි ඔහුගේ මාමා කිසියම් අයකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි  දරුවාගේ පියා වන මොහොමඩ් රිෆාස්  ‍පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.

මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ මොහොමඩ් සල්මාන් නමැති දරුවා හා අබ්දුල් රහීම් මොහොමඩ්  නිසාම් නමැති තරුණයෙකි.

මෙම දෙදෙනා අතුරුදන් වීමෙන් පසු කිසිවෙකු විසින් අබ්දුල් රහීම් මොහොමඩ් නිසාම්ගේ දුරකතනයෙන් සිංහලයෙන් කතාකොට නැවත ඇමැතුමක් ලබා දී කප්පම් ලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා තිබේ.

අතුරුදන් තරුණයා රිපාස්ගේ මවගේ සොයුරාගේ පුතා බවත් බදුල්ල බදුලු‍පොළ ප්‍රදේශයේ පදිංචි ඔහු මහනුවර මහරෝහ‍ලේ  වෛද්‍ය සායනයක් සඳහා සහභාගි වීමට නියමිතව සිටි නිසා තම නිවසට පැමිණ සිටි බව රිපාස් සඳහන් කරයි.

අතුරුදන් තරුණයා රැගෙන පැමිණි ගමන් බෑගයද නිවසේ තිබි හමු වූ අතර ඔහුට එම වෛද්‍ය සායනයට සහභාගීවීමට නියමිතව පැවතියේ ද ඊයේ(04) දිනයේ බව සඳහන් වේ.

දහවල් 1.50ට පමණ මෙම  තරුණයා දිවා ආහාරය ගැනීමෙන් පසු වෙළෙඳසල වෙත ආහාර රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ කුඩා දරුවාද මොහු සමග යාමට අවශ්‍ය බව පැවැසූ නිසා දරුවා රැගෙන ගිය බවද ප්‍රකාශ වේ.

මූලික විමර්ශන අනුව මේ වනවිටත්  ‍පොලිස් කණ්ඩායම 3ක් යොදවා ඇති බව ගම්පොළ කොට්ඨාසභාර ‍පොලිස් අධිකාරි සුරංග මෙනඩිස් පවසයි.

කෙසේ වෙතත් මීට  සතියකට පමණ ඉහත ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙනයාමේ සිද්ධියක් වාර්තා වූ අතර  මෙම සිදු වීමත්  සමග ගම්පොළ ප්‍රදේශය යළිත් නොසන්සුන් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here