පිං කැටය කඩා මුදල් සොරා ගත් බාලවයස්කාරයින් දෙදෙනෙක් මාට්ටු

0
40


නවගත්තේගම – රළපනාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ආවාසගේ තුළට වහලයෙන් ඇතුළු වී මුදල් සොරකම් කළ බාලවයස්කාර සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.
නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 14 සහ 15වන වියේ පසුවන බව වාර්තා වේ.
මොවුන් දෙදෙනා එම ප්‍රදේශයේ එකම පාසලක ඉගෙනුම ලබන බව ද පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
අදාල සැකකරුවන් දෙදෙනා වහලයෙන් විහාරස්ථානයේ ආවාසගේ තුළට රුපියල් 21,000ක මුදලක් අවස්ථා 02ක දී මෙලෙස සොරා ගෙන ඇත.
මෙම සොරකම සම්බන්ධයෙන් විහාරස්ථානයේ හිමිනමක් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර අදාල පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවල දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
බාලවයස්කාර සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී පළමු අවස්ථාවේ සොරාගත් 15,000ක මුදලක් වල දමා ඇති බව පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීමේ දී එම මුදල් වේයන් විසින් කා දමා ඇති බව පොලිසිය පවසයි.
මේ අතර තම වත්තේ ගොඩ ගසා තිබූ පෙල් ගෙඩි 100 ක් කිසියම් අයෙකු විසින් සොරකම් කර ඇති බව පසුගිය 30 වැනි දා නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු පොලීසියට පැමිණිලක් කර ඇති අතර එම පොල් තොගය සොරකම් කරන ලද්දදේ තමන් විසින් බවට බාලවයස්කාර සැකකරුවන් දෙදෙනා පිළිගෙන තිබේ.
සොරකම් කළ පොල් තොගය එම ප්‍රදේශයේම වෙනත් ව්‍යාපාරිකයෙකුට විකුණු බව ඔවුන් දෙදෙනා පොලීසියට පවසා ඇත.
ඒ අනුව හොර පොල් මිළ දී ගැනීමේ චෝදනාව මත ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී මිල දී ගත් පොල් ගෙඩි 20ක් ද පොලීසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here