අලි මරා දමන්න තරම් කෝපයට පත් වූ සූරියවැව ගම්වාසීන්

0
75

සූරියවැව බෝගහඉඳිවැව ගම්මානයට නිරන්තරයෙන් එළ්ලවන වන අලි තර්ජනය හේතුවෙන් ගම්වාසීන් දැඩි අපහසුතාවයකට පත්ව  සිටින බව වාර්තා වේ.

වගකිවයුතු පාර්ශවයන් සතියක් ඇතුළත මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් වන අලින් මරා දමන බවට ගම්වාසීහු ප්‍රකාශ කරති. වැඩිදුරටත් අදහස් දැක් වූ ගම්වාසීන් ප්‍රකාශ කර සිටියේ පසුගිය දින 4 ඇතුළත වන අලි පහරදීමෙන් නිවාස 10කට පමණ හානි වී ඇති බවයි.

අලි 3 දෙනෙකුගෙන් සමන්විත මෙම රංචුව ප්‍රදේශවාසීන්ගේ ජිවිතවලට දැඩි තර්ජනයක් බවත් බලධාරීන් නිසි පියවර නොගතහොත් ගම්වාසීන් ක්‍රියාත්මකවන බවත් ගම්වාසීන් තරයේ ප්‍රකාශ කර සිටි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හම්බන්තොට අඩවි වන සහකාර නිලධාරී විජයකුමාර පවසා සිටියේ අලි තිදෙනා අල්ලා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවත් ඒ සඳහා ගම්වාසීන්ගේ සහය ද අපේක්ෂා කරන බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here