තම කාම ආශාව පිනවගන්න දියණියන් ගොදුරට ගත් පියෙක්

0
90

අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දූෂණය කරන ලද පියෙක් හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත නගරයේ වඩේ වෙළඳාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.
මීට පෙර අවස්ථාවකදී ද මොහු වැඩිමහල් දැරිය ව අපයෝජනය කර ඇති අතර පසු ව අධිකරණයේ දී වරද පිළිගැනීමෙන් අනතුරුව වසරක සිර දඬුවමක් ලබා දී ඇති අතර එය වසර පහකට අත්හිටුවා තිබේ.
දරුවන්ගේ මව විදේශගතව සේවය කරන අතර මව මීට පෙර අවස්ථාවක මෙරටට පැමිණි පසු දරුවන්ගේ අනාරක්ෂිත බව පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමට ද කටයුතු කර ඇත.
අවුරුදු උදාවත් සමග සිය නැගණියගේ විලාපයට අවදි වී ඇති සහෝදරයා මෙම සිද්ධිය දැක ඇති අතර එහි දී පියා විසින් තම වැඩිමහල් පිරිමි දරුවාට පහර දී නිවසෙන් එලවා තිබේ.
පියාගෙන් බේරී පළාගොස් ඇති මොහු පොලීසිය හමුවේ සිද්ධිය අනාවරණය කර තිබේ. ඒ අනුව හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිලිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here