පියුමි හංසමාලි ඉන්දියාව කළඹයි

0
156


පියුමි හංසමාලි කාලෙන් කාලෙට එක එක පුවත් මවනවා. ඔන්න පියුමි මේ සැරේ ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා තියෙනවා.
ඒ පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු Facebook පිටුවක්වන Laughing Colours නමැති Facebook පිටුවේ පලවීම හේතුවෙන්. මෙම පිටුවට මිලියන 27කටත් අධික Likes ප්‍රමාණයක් තිබෙනවා.
පියුමි හංසමාලි, විශ්ව පෙරේරා කියන රූපලාවන්‍ය ශිල්පියෙක් එක්ක ඉන්න පින්තූරයක් මේ විදියට එම Facebook පිටුවේ පළ වෙලා.
ඒ ඡායාරූපයට යටින් ‘සහෙර් හේ කිසි සේ පාස්’ යැයි හින්දි භාෂාවෙන් යම් වැකියක් ද සටහන් කරලා තිබුණා. ඒකේ සිංහල තේරුම ”කවුරු හරි ළඟ වස තියනවද” කියන එකයි.
ඉන්දියාවේ බොහෝ දෙනා හිතලා තියෙන්නේ මෙයාලා පෙම්වතුන් කියලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here