අරණායක, කළුගල, බොස්ඇල්ල ප්රදේශයේ දී පිය – පුතු ගැටුමකට මැදි වී සිදු වූ පහරදීමකින් මව මියගොස් තිබේ.
අද (17) පෙරවරුවේ කිසියම් කාරණයක් සම්බන්ධයෙන් පියා සහ පුත්රයා අතර බහින්බස්වීමක් සිදු වී ඇති අතර එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.
එහි දී එය සමථයකට පත් කිරිමට මව මැදිහත් වී ඇති අතර, එම අවස්ථාවේ සිදු වූ පහරදීමකින් මරණය සිදු වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි කාන්තාවක්වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.