පිය පුතු යුවළක් වැව් ඉවුරක අවසන් ගමන් යයි

0
7

වවුනියාව, පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ඉවුරේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (16) උදෑසන සොයාගෙන තිබේ.

වවුනියාව, සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ ඔහුගේ අවුරුදු 15ක පුත්‍රයාගේ සිරුරු එලෙස සොයාගත් බව පොලිසිය පවසයි.

සතුන් මැරීමට වැව් සීමාවේ ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණයන් සිදු ව ඇති බවට පොලිසිය සැකපළ කරයි.

වවුනියාව, පෙරියඋළුක්කුලම පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here