පිළිකා වළකන අසූචි ඇඳුම්

0
185


අසූචි යොදා ගනිමින් නිමි ඇදුම් නිර්මාණය කිරීමට ලෝක ප්‍රකට නිමි ඇඳුම් නිපදවන සමාගමක් වන පැටගෝනියා ආයතනය පියවර අරන්. පරිසර හිතකාමී ලෙස රෙදිපිලි නිෂ්පාදනය තමයි මෙයාලාගෙ ඉලක්කය වෙලා තියෙන්නේ.
රෙදි වර්ග සදහා යොදා ගන්නා වර්ණක සඳහා බොහෝ සමාගම් පාවිච්චි කරන්නේ කෘතිම ද්‍රව්‍ය. රෙදිපිලි නිෂ්පාදනයේ දී යොදා ගන්නා අමුද්‍රව්‍ය ගැන ලෝක ප්‍රකට සමාගම් 20ක් යොදා ගනිමින් 2012 දී පර්යේෂණයක් කෙරුණා. ‘ආර්මානි’, ‘ලිවයිස්’ සහ ‘සාරා’ වගේ සමාගම් ඒකට ඇතුළත් වුණා. එහි දී හෙළි වුනේ ‘සාරා’ ආයතනයේ ඇදුම් නිෂ්පාදනයේ දී යොදා ගන්නා ඇසෝ වර්ණකවල පිළිකාකාරක අඩංගු බවයි.
කොහොම වුනත් ‘පැටගෝනියා’ සමාගම පරිසර හිතකාමී ලෙස ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදන කරන්නේ මේ හේතුව නිසා. ඔවුන්ගේ වර්ණක නිෂ්පාදනය සඳහා භාවිත කරන්නේ පට පණුවන්ගේ අසූචි, වියලන ලද කුරුමිණියන් සහ ඉවත දමන ආහාර වර්ග. මේ නිසා ඔවුන්ගේ ඇදුම්වල 96%ක්ම පුනර්ජනනීය අමුද්‍රව්‍ය භාවිත කෙරෙනවා කියලයි ඔවුන් කියන්නේ. ඩොලර් 39 සිට ඉහළට මේ පරිසර හිතකාමී ඇඳුම් මිල කරලා තියනවා. මේ නිෂ්පාදන සඳහා මිනිසුන් හුරු කිරීමට විශේෂ අඩු මිලකට මේවා අලෙවි කරනවා කියලයි ‘පැටගෝනියා’ සමාගම කියන්නෙ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here